පරිගණකය සදහා දීර්ග ඉතිහාසයක් ඇත. මුල් කාලීන මිනිසා දත්ත ගණනය සදහා
කුඩා ගල් කැට භාවිතා කල අතර පරිගණකය නිපදවීමට පෙර ගණනය කිරීම සදහා විවිද උපකරන
නිපදවිය.එම උපකරන අතර ක්‍රි.පූ. 450 දී චීනයේ නිපදවූ ඇබකසය (abacus) මුල්ම ගණනය කිරීමේ
උපකරණය ලෙස සැලකේ. මින් අනතුරුව 1617 දී ජෝන් නේපියර් (john napier) විසින් සංඛ්‍යා ගුණකිරීම සදහා දඩු චත්‍රය නමින් යන්ත්‍රයක් හදුන්වා දෙන
ලදී.
පසුව 1642 දී බ්ලේස් පැස්කල් (Blaise Pascal ) විසින් Arithmetic
Machine නමින් ප්‍රථම යාන්ත්‍රක ගණක යන්ත්‍රය නිපදවන ලදී.(මෙම යන්ත්‍රය මගින්
බෙදීම් හා වැඩිකිරීම් සිදුකළ නොහැක.)ජර්මානු ජාතික ගණිතඥයෙකු වූ ලිඩිනිට්ස් (G.W. Leidinitz) විසින් Arithmetic
Machine යේ පැවති දුර්වල තා සකස්කර Leidinitz Machine නිපදවිය. මෙම යන්ත්‍රය මගින් බෙදීම් හා වැඩිකිරීම්ද සිදුකළහැක.
ඉහත උපකරණ කිසිවක් පරිගණකය ලෙස සැලකිය නොහැක. නමුත් පරිගණකයේ වර්ධනය
සදහා මග පාදාදුන් උපකරන ලෙස ඒවා සැලකිය හැක.
නූතන පරිගණකයේ පියා ලෙස සැලකෙන්නේ ක්‍රි.ව. 1972 දී එංගලන්තයේ උපත ලද චාල්ස් බැබේජ් (charles Babbage) ය. එයට හේතු වූයේ 1833 දී ඔහු විසින් නිපදවන ලද
වාෂ්ප බලයෙන් ක්‍රියාකරන Difference
Engine නම් යන්ත්‍රය පරිගණකයක සතු
මූලික උපාංගයංගෙන් යුක්ත වීමයි. එනම් දත්ත ඇතුලත් කිරීමට (Data Input), දත්ත සකස් කිරීමට ( Data Processing ) , දත්ත ගබාඩාකිරීමට (Data Storage) හා දත්ත නිකුත් කිරීමට (Data Output) උපෙයා්ගී කර ගතහැකි උපකරණයන් ගෙන් යුතු වීමයි.
ඉන් පසු චාල්ස් බැබේජ් (charles Babbage) විසින්ම නිර්මාණය කල Analytical Engine යන්ත්‍රය සදහා වැඩසටහන් සකස් කරමින් Ada Lovelace ලොව ප්‍රථම පරිගණක වැඩසටහන් කරු බවට පත්විය.එවකට විවිධ තාක්ෂණික නිර්මාණ බිහි කිරීම අතින් ඉදිරියෙන් සිටි IBMසමාගම විසින් ප්‍රථම වරට
විදුලි බලයෙන් ක්‍රියාකරනු ලබන MARK 1 නැමති පරිගණකය බිහි
කරන ලදී.
ඉන් පසු 1946 දී වර්ග අඩි 1500ක පමණ විශාලත්වයකින් යුතු Vacuum Tube 18000ක් පමණ උපයෝගී
කර ගනිමින් Eniac නම් පරිගණකය බිහිවිය. මෙය පරිගණකයේ පළමු
පරම්පරාව සංඛේතවත් කරනු ලබයි. ( මෙය ප්‍රථම විද්‍යුත්
පරිගණකය ලෙස හදුන්වයි)






0 comments:
Post a Comment